Skip to Content

අවවාදයයි!

මෝටර් බයික් විලාසිතාව

ඩෙනිමක් ගහගෙන බයික් එකේ නැගල කෙල්ලවත් දාගෙන හයියෙන් ගියාට කමක්නැහැ, ගැලපෙන බයික් එකේද යන්නෙ කියලත් ටිකක් විතර හිතල බලන්න. බයික් එක්ක ගන්න කලින් අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා.

ආර්ථික තත්වය, සමාජ තත්වය, රැකියා තත්වය, දිනකට සාමාන්‍යයෙන් ගමන් කිරීමට සිදුවන දුර වගේම තමන්ගේ ශරීර ‍සෞඛ්‍යය තත්වය ගැනත් සිතිය යුතුමයි.

ආර්ථික තත්වය

බයිසිකලයක් ගන්න කොට ආර්ථික තත්වය බලපාන්නෙ බයික් එකේ මිලට පමණක් නෙවෙයි. බයික් එකට පෙට්රල් ගහන්නත් සර්විස් කරන්නත් ඕනෙ අතේ තියෙන සල්ලිවලින්මයි. සාමාන්‍යෙයන් මිල අධික බයික් වල ස්පෙයා පාර්ටිස් වුනත් ටිකක් මිලෙන් වැඩියි. අපි ඒක ගැනත් ටිකක් හිතන්න ඕනෙ. දැනට ගොඩක් වැඩියෙන්ම අලෙවි වන ඉන්දියන් බයික් වලටනම් ආදේශක අමතර කොටස් වුනත් ඕන තරම් තියෙනවා. හැබැයි මිලෙන් වැඩි බයික් එකක් අරගෙන තර්ඩ් පාර්ටි ඉන්සුවරන්ස් එකක් දාගෙන යනවා කියන්නෙ ටිකක් හිතන්න ඕන දෙයක්. මොකද ඔය බයික් එකක ඉස්සරහ ඩිස්ක් බ්රේක් එකක ඩිස්ක් එකක් හරි ඇද වූනොත් රිප්ලේස් කරන්න ටිකක් මිල වෙනවා.

සුව පහසුව බලය ගැන හිතනව නම් අපිට ලොකු බයික් එකක්ම තමයි ගන්න වෙන්නෙ. HONDA CBR, YAMAHA TZR, HONDA HORNET වගේම Bajaj Pulsar 200/220/180/135LS, TVS Apache, YAMAHA FZ වැනි බයිකුත් තරමක් මිලෙන් වැඩි වගේම සුව පහසුවත් ඇති බයික් (තව බයික් තියෙනවා). කොහොමත් දිනපතා කාර්යාල සේවය බලා යෑමට නම් හොන්ඩා සීබීආර්, ඔනට් වගේ බයික් භාවිතා වෙනවා අඩුයි. කාර්යාල සේවකයන්ගෙ සිත්ගන්නා සුවපහසු බයික් වන්නේ 150cc - 200cc අතර බයික්.

සමාජ තත්වය හා රැකියා තත්වය

මේක හරිම සිම්පල් කාරණයක්. අපිට ඔෆිස් එකට තැපැල් නයින්ටියක එන්න බැහැනෙ. (හැබැයි එහෙම එන අයත් ඉන්නවා.)

දිනකට යන දුර

මේක ඉතාම වැදගත් කාරණයක්. අපේ රටට ආනයනය වන හැම බයික් එකක්ම ලස්සන වුන පලියට විද්‍යානුකූල නැහැ. ගොඩක් ස්පෝර්ට්ස් කාණ්ඩයේ බයික් මහ මග දිනපතා ධාවනය අපි සුලභව දකින දෙයක්. ඉස්සරහට ඇලවෙලා ස්ටයිල් එකට ගියා වගේ නෙවෙයි ඇතැම් බයික් වල රයිඩින් ස්ටයිල් එක කෙලින්ම කොන්දට බලපාන බව වෛද්‍යවරැන් සනාථ කරගෙන තියෙන දෙයක්. මේ කාරණය ගැන ඉස්සරහට ටිකක් ලොකුවට කතා කරමු.