Skip to Content

කවුද පාරෙ ඉරි අඳින්නේ

තනි ඉර කපන්න පුළුවන්ද

දෙකම කපන්න බැරිනම් ඇයි දෙකක්, එකක් ඇතිනෙ,

කෙටියෙන්ම කියනව නම් දෙකම කපන්න බැහැ තමයි. ඉරි දෙක හෝ තනි ඉර හෝ කපල ඔවර්ටේක් කරල පොලීසියට අහුවුනොත්නම් සොරිම තමයි.

එහෙනම් මොකක්ද මේ දෙකේ වෙනස.

සරල වෙනසක් තියෙන්නේ. ඔබට කොහොමවත් ඉරි දෙකනම් කපන්න බැහැ. ඒක ඉතා පැහැදිලිවම තහනම් ක්‍රියාවක් වගේම ටිකක් භයානක වැඩකුත් වෙනවා. මොකද ඔය ඉරි දෙක තියෙන්නෙ ඇත්තටම මාර්ගවල අනතුරැ සිදුවීමේ අවදානම ඇති තැන්වල නිසා. තනි ඉර තියෙන තැන්වන ඉර කපල ඔවර්ටේක් කරන්න බැරි උනාට ඉර කපල දකුණට හරවන්න පුළුවන්. Galle Road එහෙම යන කොට ඔයාලා සමහර විට දකිනව ඇති එක දිගටම ඉරි දෙක ඇදල සමහර ඉතා කුඩා දුර සීමාවලට තනි ඉර අදිනව. හොඳට බලන්න එහෙම තැන්වල දකුණට පොඩි හරි පාරක් නැත්නම් ගෙයකට යන තැනක් හරි තියෙනවා. ඒ කියන්නේ එතනින් බය නැතුව දකුණට කපල ඒ පැත්තට දාන්න පුළුවන්.

ඉතින් මීට පස්සේ මේක ඔළුවෙ තියාගෙන පරිස්සමින් බයික් එකේ යන්න. (තනි ඉර කපල පොලීසිය දැක්කොත් එහෙම්ම දකුණට කපල නවත්තල කියන්න, සර් මම මේ පැත්තට දාන්න ආවේ කියලා..)