Skip to Content

පරිස්සමින්! නීතිය තදයි!

කෙලින්ම උසාවිත් දානවලු

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල මාර්ග නීති තදින් ක්‍රියාත්මක වන බව ආරංචියි. මාර්ග නීති සැබැවින්ම කඩන අයට දැඩි දඬුවම් දෙන එකට අපිනම් අත් දෙකම උස්සල ආචාර කරනව. හැබැයි ඉතිං ඒ දැඩි නීතිය motorbikes වලට ඉතාමත්ම තදින් ක්‍රියාත්මක වෙන්නෙ ඇයි කියල නම් හිතාගන්න අමාරැයි. කොහොමත් intercooler එකක්, Allion එකක්, BMW එකක් සහ දුර ගමන් private බස් එකක් නවත්තන්න අපේ ඇතැම් පොලිස් නිලධාරීන් අදිමදි කරන එකනම් පැහැදිලි සත්‍යයක්. මධ්‍යම පාන්තිකයගේ motorbike එකට දාන බැල්ම ලොකු ලොකු වාහන වලටත් වැටෙනව නම් ඒක මාර්ග රිය අනතුරැ අවම කර ගන්න ඉතාම ලොකු පිටිවහලක් වේවි.

අලුත්ම රැල්ල දඩ කොල නැතුව උසාවි දාන එකලු. ඉස්සර වගේ පොලිස් රාළහාමිව ශේප් එකක් දාගෙන කීයක් හරි දීල මාරැ වෙන එක, නැත්නම් අඩුම දඩේකට කොලේ ලියාගන්න එක (හෙල්මට් දඩේ තමයි) දැන් කරනන් අමාරැයිලු. තවත් අලුත්ම ආරංචියක් තියෙනව. පොලිස් රාළහාමිත් එකක් තර්ක කරන්න ගියොත් උසාවි දාන එක ශුවර්ලු. කරගන්න දෙයක් ශේප් එකේ.

පොලිස්පතිතුමාගෙන් පොඩි ඉල්ලීමක් තියෙනව, අනේ ඉර කැපුවට උසාවි දාන්න කලින් කාට හරි කියල පාරේ ඉරි ටික අලුතෙන් අන්දවල දෙන්නකො. මොකද දැන් ඉරි මැකිල පේන්නෙත් නැහැ.